තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විස්සයි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

    විස්සයි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

    තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ අද (08) සමත්වූහ.

    තුන්වැනි හා අවසන් විස්සයි 20 තරගය අද ක්ව්න්ස්ටවුන් හි දි පැවැති අතර අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දි ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට නවසීලන්තය හැකිවිය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 182ක් රැස් කළේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු හතළිස් අටක දි ලකුණු 73ක් ලබා ගත්තේය. ජයග්‍රහණය හඹාගිය නවසිලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී සිය ඉලක්කය ජය ගත්තේය.

    පිත්තෙන් දස්කම් දැක්වූ ටිම් ටිම් සෙයිෆර්ට් පන්දු හතළිස් අටක දි ලකුණු 88ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර පන්දුවෙන් දස්කම් දැක්වූයේය. ඔහු පන්දුවාර 3.5 කදී ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තේය.

    ශ්‍රී ලංකාව 182/6 (20)

    නවසිලන්තය 183/6 (19.5)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img