තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්බස්-තිරික්කල අනතුරක්: මිනිසුන් 4ක් සහ ගවයන් 4කට තුවාල

    බස්-තිරික්කල අනතුරක්: මිනිසුන් 4ක් සහ ගවයන් 4කට තුවාල

    තන්තිරිමලේ වැව් බැම්ම මතදී අද දින දහවල් කාලයේ බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05 ක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් තිරික්කල් පදවමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හා එක් තිරික්කලයක ගමන් කල පිරිමි ළමයෙකු බරපතල තුවාල ලබා තන්තිරිමලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට යොමුකර ඇති බව පොලීසිය කියයි.

    මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් සඳහා සහභාගී වීමට පුද්ගලයින් පිරිසක් රැගත් බසයක් මෙලෙස තිරික්කලවල ගැටී ඇත.

    මෙම අනතුරින් තිරික්කල් සමඟින් ඈඳන ලද ගවයින් 04 දෙනෙකුද තුවාල ලබා ඇත.

    බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තන්තිරිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img