Home දේශීය පුවත් උණුසුම් පුවත් කන්තලේ කෝච්චිය දෙපොලේ

කන්තලේ කෝච්චිය දෙපොලේ

කන්තලේ කෝච්චිය දෙපොලේ

ත්‍රිකුණාමලය බලා ධාවනය වූ උදය දේවී සම්බන්ධිත දුම්රිය අද දින කන්තලේ, අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව මගීන් 16 දෙනෙක් රෝහල්ගතකර ඇත.

කාන්තාවන් 09 දෙනෙක් සහ කුඩා දරුවන් 02 දෙනෙක්ද තුවාල කරුවන් අතර සිටින බව කන්තලේ රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙහිදී නියාමක මැදිරිය ද පෙරලීගොස් දුම්රියේ නියාමක සහ උප නියාමකවරයාට තුවාල සිදුව ඇත.

කොළඹ කොටුව සිට ගල්ඔය දක්වා ගමන් කළ මෙම දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් වශයෙක් එක් කොටසක් මඩකලපුව බලාද අනෙත් කොටස ත්‍රිකුණාමලය බලාද ධාවනය වී ඇත.

ත්‍රිකුණාමලය දක්වා ධාවනය වී ඇත්තේ මැදිරි 04කින් යුක්ත දුම්රියකි. එහි දෙවැනි මැදිරිය මෙසේ පීලි පැනීමකට ලක්ව ඇති බව පොලීසිය කියයි.

ජායාරූපවල අයිතිය මුල් හිමිකරු සතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here