Home උණුසුම් පුවත් සූර්ය පැනල දෙන රජයේ ගොඩනැගිලි 90%ක මැනුම් අවසන්

සූර්ය පැනල දෙන රජයේ ගොඩනැගිලි 90%ක මැනුම් අවසන්

සූර්ය පැනල දෙන රජයේ ගොඩනැගිලි 90%ක මැනුම් අවසන්

රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට හඳුනාගත් ගොඩනැගිලිවලින් 90% මැනුම් කටයුතු අවසන් කර තිබේ.

ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගිලි, පොලිස් ස්ථාන, සියලු ආගම් නියෝජනය කරන අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන සහ වෙනත් රජයේ ගොඩනැගිලි ඒ අතර වේ.

මෙම සියලුම මැනුම් කටයුතු අප්‍රේල් මස 15වන විට අවසන් කිරීමට නියමිතයි.

ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ ඩොලර් මිලියන 100ක රජයේ වැඩපිළිවෙළක් යටතේ මෙය ක්‍රියාත්මක වේ.

ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) අමාත්‍යංශ නිලධාරීන් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිලධාරීන් සමඟ පැවැත්විණි.

මෙම ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව මගින් සිදු කරයි.

ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදී ගැනීම ඔවුන් විසින් ප්‍රසම්පාදනය සිදු කරයි.

රජයේ රෝහල් සහ පළාත් පාසැල් මෙම වැඩපිළවෙළට මූලිකව ඇතුලත්ව තිබුණත් මෙවැනි ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා මගින් සිදු කරන අතර එමගින් එම ගොඩනැගිලි ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here