QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවි කළ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවා තිබේ.
එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවට ද තීරණය කර ඇත.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය, නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වූ ප්‍රගති සමාලෝචන හමුවක් අද (06) උදෑසන පැවැත්විණ.
මෙහි දී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සැලසුම් සාකච්ඡා කර තිබේ.
ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15වන දා වන විට අවසන් කර පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන් ද එය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී තීරණය කර තිබේ.
මොනාද ඒ ඉන්ධන පිරහුම්හල්