Home උණුසුම් පුවත් අවුරුදු කන්න ආහාර තොග ප්‍රමාණවත්ලු

අවුරුදු කන්න ආහාර තොග ප්‍රමාණවත්ලු

අවුරුදු කන්න ආහාර තොග ප්‍රමාණවත්ලු

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රට තුළ ප්‍රමාණවත් පරිදි පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

ආනයනකරුවන් සමග තොග සංචිත සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයෙන් කටයුතු මෙහෙයවන බව වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් එම්. බී. අතපත්තු මහතා නිවුස්වේව් වෙත පැවසීය.

තොග සඟවා ගැනීම් සහ අධික මිල ගණන් අයකිරීම් ඇතුළු පාරිභෝගික පීඩා අවම කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තු වැටලීම් ඒකක දිවයින පුරා වැටලීම් සඳහා යොදවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග මෙරටට ආනයනයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි සියලු බැංකු වෙත දැනුම් දී ඇති බව ද හෙතම හෙළි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here