ෆින්ලන්තය විසින් අද දිනයේ නිල වශයෙන් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ගෙන තිබේ.
ෆින්ලන්ත විදේශ ඇමති පෙක්කා හවිස්ටෝ අද දින බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත නිල ලේඛනයක් භාර දීමෙන් එම සංවිධානයට ඇතුළත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළේය.
ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ වර්ධනය වී ඇති බටහිර සමඟ සීතල යුද්ධය නවම මානයකට ගෙන යාමට සමත්ව ඇත.
ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක්වීමත් සමඟම නේටෝ සංවිධානය රුසියාව සම බොදාගන්න දේශසීමාවේ දිග ප්‍රමාණයක් එක් රැයකින් දෙගුණ වී ඇති අතර එය රුසියාව යුක්‍රේන ආක්‍රමනය කිරීමට යම් බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් නිර්මාණය කරයි.
නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, ෆින්ලන්තය නෝටෝ සංවිධානය වෙත නිල වශයේ පිළිගනිමින් කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නේටෝ ව්‍යාප්තියට විරුද්ධ වීම ඔහු යුක්‍රේනය ආක්‍රමණය සාධාරණීකරණයක් ලෙස යොදා ගන්නා බවයි.
“පුටින් හරියටම ප්‍රතිවිරුද්ධ දෙය අද සිදුවෙමින් පවතිනවා. අද ෆින්ලන්තය නේටෝ සාමාජිකත්ව අරගෙන තිබෙනවා, ඉක්මනින්ම ස්වීඩනය ද නේටෝ සංවිධානයෙ පූර්ණ සාමාජිකයෙකු වනු ඇත,” ස්ටෝල්ටන්බර්ග් බ්‍රසල්ස්හිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය පැවසුවේ ෆින්ලන්තයට ඇතුල් වීම සඳහා “ප්‍රති-ක්‍රියාමාර්ග” ගැනීමට රුසියාවට සිදුවෙනු ඇති බවයි. ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පැවසුවේ මෙම පියවර යුක්රේනයේ ගැටුම් තවදුරටත් උත්සන්න වීමක් ම සිදු කළ හැකි බවයි.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ නේටෝ ව්‍යාප්තිය “අපගේ ආරක්‍ෂාව සහ රුසියාවේ ජාතික අවශ්‍යතා ආක්‍රමණය කිරීමක්” බවයි. ෆින්ලන්තයේ ඕනෑම නේටෝ හමුදා යෙදවීමක් ගැන මොස්කව් සමීපව නිරීක්ෂණය කරන බව ඔහු පැවසීය.