Home දේශීය පුවත් හමුදා බුද්ධියෙන් බුද්ධි වෙස්ගත් සැකකරු කොටුවේ

හමුදා බුද්ධියෙන් බුද්ධි වෙස්ගත් සැකකරු කොටුවේ

0
හමුදා බුද්ධියෙන් බුද්ධි වෙස්ගත් සැකකරු කොටුවේ

පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් ගාලුමුවදෙර ප්‍රදේශයේ සැරිසරමින් සිටි පුද්ගලයෙකුව යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද ඔත්තුවකින් කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා බොරලැස්ගමුවේ පදිංචිකරුවෙකි. ඔහු පොලිස් බුද්ධි අංශයේ නිලධාරීයෙක් යැයි පෙනී සිටිමින් ගාලුමුවාදොර ප්‍රදේශයේ සැරිසරන අයුරු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඒ බව පොලීසියට දැනුම්දී ඇති බව සඳහන්ය.

සැකකරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here