
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ක් බරති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005කින් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණයකර තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 4743ක් වූ කිලෝ 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3728කි.
ඒ හැරුණු කොට කිලෝ 05ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් අඩුකෙරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද සඳහන් කළේය.
ඒ අනුව මෙතෙක් රුපියල් 1904ක්ව පැති කිලෝ 05 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1502ක් බව ද මුදිත පීරිස් මහතා පැවසීය.
මේ හැරුණු කොට කිලෝ ග්‍රෑම් 2.3 ප්‍රමණයේ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 183කින් අඩුවන බව මුදිත පීරිස් මහතා කීය. ඒ අනුව මෙතෙක් රුපියල් 883කලෛවි කෙරුණු කිලෝ ග්‍රෑම් 2.3ක් වූ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 700කි.
ලෝක වෙළද පොලේ පවතින් ගෑස් මිල ගණන් සහ රුපියල ශක්තිමත් වීමේ වාසිය මහජනතාවට ලබාදෙමින් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩුකිරීම කර තිබෙන බවද මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.