තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංචාරකයින්ගේ පැමිණිම තවදුරටත් ඉහළට

    සංචාරකයින්ගේ පැමිණිම තවදුරටත් ඉහළට

    කඩා වැටුණු සංචාරක කර්මාන්තය නැවත හිස ඔසවමින් මාර්තු මාසයේ පමණක් මෙරටට විදෙස් සංචාරකයින් 125,945 ක් පැමිණ තිබේ.

    2022 වසරේ මාර්තු මාසයේ මෙරටට පැමිණ සිටියේ සංචාරකයින් 106,500ක් පමණි. ඒ අනුව 2023 වසරේ මාර්තු මාසයේදී සංචාරකයින්ගේ පැමිණිමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    සංඛ්‍යා දත්ත අනාවරණයකරන ආකාරයට අනුව ගෙවී ගිය මාස 03ක කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 335679 දෙනෙකි. 2022 වසරේ මුල් මාස 03 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ ගණන 285334 දෙනෙකි.

    මේ අනුව 2022 වසරේ මුල් මාස 03 ට වඩා 2023 වසරේ මුල් මාස 03 තුළ සංචාරකයින් 50,345 දෙනෙකුගෙන් වර්ධනය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img