
දංඕවිට පොලීසියේ ස්ථානාධිපතිවරයා පදවාගෙන යමින් සිටි ජිප් රථයක් ත්‍රීරෝද රථයක ගැටී එහි රියදුරු, කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දරුවෙක් තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.
කොළඹ – නුවර මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ පෙරවරුවේදීය. ජිප් රථය පොලිස් ස්ථානාධිපතිවරයාට අයත් පුද්ගලික එකක් බව පොලීසිය කියයි.
පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ව පරීක්ෂා කිරීමට සිය පුද්ගලික ජිප් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවය. මාර්ගය හරහා පුද්ගලයෙක් අපරික්ෂාකාරීව පැන්න බවත් ඔහුගේ ජීවිතය ආරක්ෂාකර ගැනීමට ගොස් වාහනයේ ත්‍රීරෝද රථය ගැටුණු බවත් ඔහු පවසා තිබේ.
මෙම අනතුර සහ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භකර ඇත.