Home උණුසුම් පුවත් අලුත්ගම ඉදන් ගේම් ගැසූ චීන්නු 39ක් චීන පොලීසියෙන් කොටුකර දෙයි

අලුත්ගම ඉදන් ගේම් ගැසූ චීන්නු 39ක් චීන පොලීසියෙන් කොටුකර දෙයි

0
අලුත්ගම ඉදන් ගේම් ගැසූ චීන්නු 39ක් චීන පොලීසියෙන් කොටුකර දෙයි

මෙරට රැදී සිටිමින් අන්තර්ජාලයෙන් ගේම් ගසමින් සිටි චීන්නු කණ්ඩායමක් චීනෙන් ආ පොලිස් කණ්ඩායමක් අලුත්ගම පොලීසිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 33 දෙනෙක්, කාන්තාවන් 05 දෙනෙක් සහ කුඩා දරුවෙක්ද සිටිති. මේ අය අතර චීනෙට අවශ්‍ය ජාත්‍යන්තර පොලීයෙන් රතු නිවේදන නිකුත්කර ඇති චීන්නු 03 දෙනෙක්ද සිටිති.

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටිමින් මෙම පිරිස වංචාවල නිරතව සිට ඇති බව පොලීසිය කියයි. මාස 06ක් තිස්සේ මෙරට රැදී සිටිමින් ඔවුන් අන්තර්ජාල අපරාධවල නිරතව සිටින අයුරු නිරීක්ෂණය කළ චීන පොලීසිය මෙම වැටලීමකර ඇත්තේ මෙරට චීන තානාපති කාර්යාලය දැනුවත්කර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුවය.

මෙම වැටලීමට චීන පොලීසියේ නිලධාරීන් මෙන්ම චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිල දෙනෙක්ද සම්බන්ධව සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here