Home උණුසුම් පුවත් තෙල් බෙදන තැන්වලට හානිකිරිමේ අවදානමක් ගැන පොලිස්පතිට ඉහළින් පැමිණිල්ලක්

තෙල් බෙදන තැන්වලට හානිකිරිමේ අවදානමක් ගැන පොලිස්පතිට ඉහළින් පැමිණිල්ලක්

තෙල් බෙදන තැන්වලට හානිකිරිමේ අවදානමක් ගැන පොලිස්පතිට ඉහළින් පැමිණිල්ලක්

ඛනිජ තෙල් බෙදාහැරීමට බාධා  කළ ඛනිජ තෙල් සේවකයින් හා ඊට සම්බන්ධ බාහිර පුද්ගලයින් විසින් ඉදිරි කාලයේත් ඉන්ධන බෙදාහැරෙන ආරක්ෂිත කලාපයන්ට බලහත්කාර‍ෙයන් ඇතුලුවී හානි කිරීමේ සහ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය කිරීමේ අවධානමක් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයා වෙත දන්වා තිබේ.

පසුගිය ද වූ සිදුවීම්වලින් පසුවත් ඔවුන් විසින් සිදු කරන ලද විවිධ ප්‍රකාශ සහ ඔවුන්ට අනුබද්ධ වෙනත් ආයතනවල වෘත්තීය සමිතිවලින් සිදු කරන තර්ජනාත්මක ප්‍රකාශ මගින් මේ බව පෙනී යන්නේ යැයි අමාත්‍යවරයා ලිපියක් මගින් මගින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

එම නිසා මෙම කඩාකප්පල්කාරී පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි.

අවසර නොමැතිව මෙම ආරක්‍ෂිත සේවා කලාපයට ඇතුළු වූ පිරිස පිළිබඳව සුදුසු නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසද ඉදිරියේදී එවැනි අණාරක්ෂිත තත්වයක් යලි ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව එම කලාපයට සහ අනෙකුත් ඉන්ධන ගබඩා කරන සහ බෙදා හැරීමේ කලාප වලට ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

එම පිරිසට සහ මෙම කලාපවල සේවයට අදාල නොවන පිරිස් මෙම අධි ආරක්‍ෂිත සේවා කලාපවලට බලහත්කාරයෙන් ඇතුළුවීම වැලක්වීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ද අමාත්‍යවරයා සිය ලිපිය ඔස්සේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here