Home උණුසුම් පුවත් හිරිහැර ඉවසිය නොහැකිව දරුවන් තිදෙනා පියාව මරලා

හිරිහැර ඉවසිය නොහැකිව දරුවන් තිදෙනා පියාව මරලා

0
හිරිහැර ඉවසිය නොහැකිව දරුවන් තිදෙනා පියාව මරලා

සිය පියාව තියුණු ආයුධවලින් කපාකොටා මරා දැමූ දරුවන් තිදෙනෙකුව කොඩිකාමම් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරුසුවිල් හී පදිංචිව සිටින වයස අවුරුදු 21, 20 සහ 19 යන වයස්වල පසුවන සහෝදරයින් තිදෙනෙකි.

මෙම සහෝදරයින් තිදෙනා එක්ව මරා දමා ඇත්තේ 44 හැවිරිදි ඔවුන්ගේ පියාවය.

සිවසෝදි ශිවකුමාර් නොහොත් කරාටේ සිවා යැයි හදුුන්වනු ලබන පුද්ගලයෙකුව එසේ දරුවන් තිදෙනා එක්ව මරා දමා ඇති බව පොලීසිය කියයි.

අත්අඩංගුවටගත් දරුවන් තිදෙනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ කලක සිට පියා ගෙන් සිදුවන හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ඔහුව කපා කොටා ඝාතනය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here