තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයෝ මහින්ද හමුවෙති

    අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයෝ මහින්ද හමුවෙති

    පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයින් ඇතුළු පිරිසක් අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

    ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ, විජේරාමයේ පිහිටි නිල නිවසේදී එම හමුව පැවැත්වුන බවයි.

    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ශ්‍රී ලංකා පොදු ජන ප්‍රගතිශිලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් 20 දෙනා මෙම සාකච්ජාවට සම්බන්ධ වූ බවද ඔහු පැවසුවා.

    එමෙන්ම ඉදිරි දින කිහිපයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හමුවී  ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.

    ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද මේ සම්බ්න්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය. 

    මේ අතර වැඩවර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා සම්බන්ධ විනය පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 

    ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලයට බාධා වන ලෙස වැඩ වර්ජනය කිරිමේ චෝදනා මත මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය පසුගියදා පියවර ගත්තේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img