තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වසර 41ට පසු ඉන්දීය වොලිබෝල් කණ්ඩායමක් දිවයිනට

    වසර 41ට පසු ඉන්දීය වොලිබෝල් කණ්ඩායමක් දිවයිනට

    ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ශ්‍රි ලංකාව සමග වොලිබෝල් ටෙස්ට් තරගාවලියක් සදහා ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කන්ඩායම අද දින දහවල් ශ්‍රී ලංකාවට පැමිනියේය.

    මෙම විදේශීය වොලිබෝල් කන්ඩායමක තරග සංචාරය ශ්‍රී ලංකා වට සුවිශේෂී වන්නේ වසර 33කට පසු විදේශීය වොලිබෝල් කන්ඩායමක් ශ්‍රී ලංකාව තුල ටෙස්ට් තරගාවලියක් සදහා පැමිනීමය.අවසන් වරට එනම් 1990 වසරේ දී සෝවියට් සමූහාන්ඩුවේ යුක්‍රේන ප්‍රාන්ත කණ්ඩායම ශ්‍රී ලංකා වොලිබෝල් ටෙස්ට් තරගාවලියක් සදහා පැමිණෙන ලදී.

    එසේම ඉන්දීය ජතික කන්ඩායම 1982 වසරේදී ශ්‍රී ලංකා වොලිබෝල් ටෙස්ට් තරගාවලියකට සහභාගි වී තිබේ.ශ්‍රී ලංකා ඉන්දියානු වොලිබොල් ඉතිහාසය 1954 වසර දක්වා දිවයයි. ඒ පළමුවරට ඉන්දීය වොලිබෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත්තේ 1954 වසරේදීය.

    එම තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ප්‍රථම වරට විදේශීය කණ්ඩායමක් පැමිණීම සනිටුහන් කරමින් ඉන්දීය මදුරාසි වෛද්‍ය විද්‍යාල කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදු විය.

    මෙවර තරගාවලිය තරග 5කින් සමන්විත වන අතර පලමු තරගය අප්‍රියෙල් 1 වැනි දින ගම්පහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍ර්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි වොලිබෝල් කන්ඩායම සමග පැවැත්වීමට නියමිතය.

    දෙවන තරගය අප්‍රියෙල් 2 වන දින හොරණ දී විදුලි බල කණ්ඩායම සමග පැවැත්වෙන අතර තුන්වන තරගය අප්‍රියෙල් 4වන දින යාපනය මුතූර්හි දී යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සමග පැවැත්වෙයි.

    හතරවන තරගය වව්නියාව නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    මෙම තරගාවලියේ අවසන් තරගය අප්‍රියෙල් 6 වන දින දඹදෙනිය මහජන ක්‍රීඩාංගණයේදී වයඹ ඒකාබද්ධ කණ්ඩායම සමග පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img