තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ටැක්සි ගාස්තු අඩු කරන්න බෑ" - ත්‍රිරෝද සංගම්

    “ටැක්සි ගාස්තු අඩු කරන්න බෑ” – ත්‍රිරෝද සංගම්

    ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ නොහැකියැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි.

    පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තු කිලෝමීටරයට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බවද සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පැවසීය.

    ත්‍රීරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝ මීටර විස්සක් පමණ වන අතර, පෙට්‍රල් ලීටරයකට රුපියල් හැටක් අඩු කිරීම නිසා කිලෝමීටරය කින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලක් බව ද දිසානායක මහතා කීය.

    ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රීරෝද රථවලින් ගමන් යාම ජනතාව බොහෝ සේ සීමා කර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇතැයි ද දිසානායක මහතා කීය.

    පෙට්‍රල් මිල අඩුවීම මත කිලෝ මීටරයකින් රුපියල් 3ක සහනයක් ත්‍රීරෝද රථ හිමියාට ලැබෙන නමුත් අනෙක් වියදම් හා සසඳන කල එය සොච්චම් මුදලක් බවද එම සංගමය සඳහන් කළේය.

    එම නිසා ත්‍රිරෝද රථ ගාස්තු කිසිසේත් අඩු කළ නොහැකි බව රත්නායක මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img