Home උණුසුම් පුවත් ඉන්දියානු වීසාවෙන් වංචා කළ හැටි

ඉන්දියානු වීසාවෙන් වංචා කළ හැටි

0
ඉන්දියානු වීසාවෙන් වංචා කළ හැටි

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටා ඇති කොළඹ ඉන්දියානු වීසා ආයතනයේ අනු ශාඛාවේ තොරතුරු සඳහන්කර වෙබ් අඩවවියක් නිර්මාණයකර එමගින් ව්‍යාජ හා වංචනික ලෙස පුද්ගලයින් රවයා කලක සිට කළ වීසා ජාවාරමක් හෙළිකර ගනිමින් එම ජාවාරම මෙහෙයවූ පුද්ගලයාව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පන්විල පුරන් කුඹර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන දේවකුමාර ජිනෝ එඩිෂන් (29) නැමැති අයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දත්ත සැපයුම්කරුවෙක් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයාව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගම පිටිය ගෙදර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක් අසලදීය.

මෙම වෙඩි අඩවිය ඉන්දීය වීසා ආයතනයේ නිල වෙඩ් අඩවිය බවට රැවටෙන පුද්ගලයින්ගෙන් වීසා නිකුත් කිරීමට බව සදහන් කරමින් මුදල් ලබාගනිමින් මෙම වංචාව කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම වංචාව කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුව පෙරේදා (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here