තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුවෙකු බෝම්බ භීතියකින් ගුවන්තොට අවුලවයි

    පාසල් සිසුවෙකු බෝම්බ භීතියකින් ගුවන්තොට අවුලවයි

    කටුනායක ගුවන්තොටුපොලේ බෝම්බයක් ඇති බවට පාසල් සිසුවෙක් විසින් ඊයේ (25) ලබාදුන් දුරකථන ඇමතුමක් හේතුවෙන් ගුවන්තොටුපොල තුල නොසන්සුන් ත්ත්වයක් හටගත්තේය.

    එම දුරකථන ඇමතුමෙන් කියැවී ඇත්තේ ගුවන්තොටුපොලේ පර්යයන්ත 02හි බෝම්බයක් ඇතැයි කියාය.

    එම ඇමතුම ලද වහාම ගුවන්තොටුපොල ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙමින් ආරක්ෂක විධිවිධාන අනුගමනය කර අදාල ස්ථානය දැඩි පරීක්ෂාවකටද ලක්කර තිබේ. එහිදී එහි බෝම්බයක් නොමැති බව තහවුරුකර ගෙන ඇත.

    නැවතත් විනාඩි 07කින් පමණ එම ඇමතුම ලබාදුන් පුද්ගලයාම ඇමතුමක් දෙමින් තමා විහිළුවක් කළේ යැයි පවසා ඇතැයි පොලීසිය කියයි.

    මෙම ඇමතුම දී ඇත්තේ ජංගම දුරකථනයකිනි. පොලීසිය එම අංකය දුන් පුද්ගලයා කවුරුන්දැයි සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් විසින් එම ඇමතුම ලබාදී ඇති බවය.

    මෙම සිසුවා කළුබෝවිල සුනන්දාරාම පාරේ පදිංචිකරුවෙකි. ඔහු මෙම ඇමතුම ලබාදී ඇත්තේ බරක් පතලක් ගැන නිසි අවබෝධයකින් තොරව බව පෙනී යාම නිසා අවවාදකර මුදැ හැරිය බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img