නිධානයකින් ගොඩගත්තේ යැයි කියනු ලබන බුදු පිළිම තුනක් රැගෙන මෝටර් රථ දෙකකින් ගමන් කරමින් සිටි භික්ෂුවක් ඇතුළු 08 දෙනෙකුගේ කණ්ඩායමක් බෙලිහුල්ඔය පාලම අසලදී කිරීතිබණ්ඩාරපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අට දෙනා අතර කාන්තාවන් දෙදෙනක්ද සිටින බව පොලීසිය කියයි.
පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෝටර් රථ දෙක පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී එම මෝටර් රථ දෙකෙහි තිබී බුද්ධ ප්‍රතිමා 03 හමුවී ඇත.
අත්අඩංගුවටගත් භික්ෂුව කෑගල්ලේ ඇකිරියගල පිහිටි විහාරස්ථානයක වැඩසිටින හිමිනමකි. උන්වහන්සේ පාසල් ගුරුවරයෙකු බව පොලීසිය කියයි. කීනවල පදිංචිකරුවෙක් වන විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන පුද්ගලයෙක්ද අත්අඩංගුවටගත් අය අතර සිටියි.
සෙසු සැකකරුවන් ගාල්ල, මීරිගම,මීගොඩ, කුඹුල්ගමුව, කීර්තිබණ්ඩාරපුර, වේයන්ගොඩ, මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.