Home උණුසුම් පුවත් අනුරාධපුර පූජා නගරයේදී ජපන් කතකට අතවර

අනුරාධපුර පූජා නගරයේදී ජපන් කතකට අතවර

0
අනුරාධපුර පූජා නගරයේදී ජපන් කතකට අතවර

අනුරාධපුර පූජා නගරය නැරඹීමට පැමිණි ජපන් ජාතික කාන්තාවකට ආයුර්වේද සම්බාහන මුවාවෙන් ලිංගික අතවර කළ සංචාරක මඟපෙන්වන්නෙක් අනුරාධපුර පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජපන් කාන්තාව පූජා නගරය නැරඹිමට පැමිණ පාෂාන ලෙන සොයා ගැනීමට නොහැකිව අතරමංව සිටියදී සංචාරක මග පෙන්වන්නෙකු ඇය වෙත පැමිණ උදව් කිරීමට ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ඇය ඔහුගේ මඟ පෙන්වීමෙන් පාෂාන ලෙන වෙත ගොස් ඇත.

ලෙන නරඹා ඇය නැවත පිටත්වන්නට සූදානම් වූ අයස්ථාවේදී මහන්සිය යන්නටත් එක්ක සම්බහනයක් කරන්නම් යැයි කියා සංචාරක මග පෙන්වන්නා ඇයට ලිංගික අතවර කර ඇතැයි පොලීසිය කියයි.

ඇය මේ ගැන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව 29 හැවිරිදි සංචාරක මග පෙන්වන්නාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here