Home GOSSIP ජනාධිපති විපක්ෂයට යයි – විමල්, උදය ආණ්ඩුවට එයි

ජනාධිපති විපක්ෂයට යයි – විමල්, උදය ආණ්ඩුවට එයි

ජනාධිපති විපක්ෂයට යයි – විමල්, උදය ආණ්ඩුවට එයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයි.එම්.එෆ් ණය පහසුකම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ දොරටුවෙන් පිටව කෙලින්ම ගියේ විපක්ෂය දෙසටය.

ඒ වනවිටත් විපක්ෂනායක සජිත් සිටියේ තම මන්ත්‍රී කණ්ඩායම සමඟ කිසියම් කරුණක් ගැන සාකච්ඡා කරමිනි.

“ආ.. කොහොමද?” ජනාධිපතිවරයා සුපුරුදු ස්වරයෙන්ම ඇසීය.

විපක්ෂ මන්ත්‍රීවරැන් පිරිස ඉන් පුදුමයට පත්විය.

“ඔබතුමා මේ පැත්තට එන්නෙවත් නෑනේ” විපක්ෂ මන්ත්‍රීවරයකු කීය.

“මම එනව ඔයාලනේ මාව මඟහරින්නෙ” ජනාධිපතිවරයා යළි කීවේය.

ජනපති ඉල්ලූ පාටිය

“දැන් කවද්ද ඔබතුමා අපිට පාටියක් දෙන්නේ”

ජනාධිපතිවරයා ඇසුවේ මන්ත්‍රී මරික්කාර්ගෙනි.

“මොන පාටියක්ද සර්” අන්ද මන්දවූ මරික්කාර් ඇසීය.

“ඇයි මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් අයින්කරපු එකේ පාටිය” ජනාධිපතිවරයා කී දෙයට විපක්ෂ නායකවරයා ඇතුළු සියල්ලෝම කොක්හඬ ලෑහ.

“අයි.එම්.එෆ් එකේ වැඩපිළිවෙලට ඔබතුමන්ලත් සහය දෙන්න. මේකෙ වටිනාකම ඔයාල දන්නවනේ.” ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායක සජිත් සිනාසුණා මිස මේ කතාවට හවුල් නොවීය.

විමල් – උදය ආණ්ඩුවට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් පසුගිය බදාදා කඩිමුඩියේ විදුලි සෝපානයට ගොඩවූයේ පාර්ලිමේන්තු සභාගැබට පිවිසීමටය.

විදුලි සෝපානයේ දොර විවර වූ වීට ඔවුන් දෙදෙනාට යම් අමුත්තක් දැනිණ. වැරදීමකින් ඔවුන් දෙදෙනාම පැමිණ තිබුණේ ආණ්ඩු පක්ෂය දෙසටය.

” ආ… එන්න…එන්න. ඔබතුමාලත් මේ පැත්තට එන්න. ජනාධිපතිතුමාගෙ කතාව අහන්න” විදුලි සෝපානයේ දොර විවර වනවිටම එතැන සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු කීය.

” නෑ… නෑ මේක වැරදීමක්.”
කී විමල් හා උදය ආපසු හැරැනේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිය අසුන් වෙත යෑමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here