මුල් පිටුව උණුසුම් පුවත් නොමිලේ දෙන මඩ පොහොරවලින් කොටසක් බෙදා අවසන්

නොමිලේ දෙන මඩ පොහොරවලින් කොටසක් බෙදා අවසන්

0

මෙවර යල කන්නය සඳහා ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට එම මඩ පොහොර බෙදා දුන් බවය.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකිය.

මේ අතර යූරියා පොහොර මෙට්‍රික්ටොන් 35,000 ක පමණ ප්‍රමාණයක් දැනට මෙරට පවතින බවත් මෙට්‍රික්ටොන් 30,000 ක පමණ ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version