තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති 'නිල් මහ සටනට' - ශූරතාව රාජකීයයන්ට

    ජනපති ‘නිල් මහ සටනට’ – ශූරතාව රාජකීයයන්ට

    ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවති 144 වැනි ‘නිල් මහා සටන’ අද අවසන් වුණේ කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 181 ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් ශූරතාව දිනාගනිමිනි.

    රාජකීයයන් ‘නිල් මහ සටන’ ජයගත් 36 වැනි අවස්ථාව මෙයයි.

    නිල්මහසටනේ ශූරයන් වෙත ත්‍යාග ප්‍රදානය සිදුවූයේ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    කොළඹ SSC පිටියේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එස්.තෝමස් පිල ලකුණු 153කට පමණක් සීමා විය.

    අනතුරුව රාජකීය විද්‍යාලය සිය දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 168ක් ලෙස ප්‍රකාශ කළේ තෝමියානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 342ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනි.

    කෙසේ වෙතත්, ශාන්ත තෝමස් කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

    රාජකීය විදුහල් පිලේ නායකත්වය දැරූ දාසිස් මංචනායක පළමු ඉනිමේදී විශිෂ්ට ශතකයක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී ලකුණු 57ක් රැස්කිරීමට සමත්විය.

    රාජකීය විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණය කළේ 2016 වසරේදීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img