Home දේශීය පුවත් උණුසුම් පුවත් බීමතින් කැබ් රථයක් පැදවූ ඉංජිනේරුවරයා රථ වාහන අංශයේ ස්ථානාධිපතිව යටකරයි

බීමතින් කැබ් රථයක් පැදවූ ඉංජිනේරුවරයා රථ වාහන අංශයේ ස්ථානාධිපතිව යටකරයි

බීමතින් කැබ් රථයක් පැදවූ  ඉංජිනේරුවරයා රථ වාහන අංශයේ ස්ථානාධිපතිව යටකරයි

බීමත් වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් පැදවූ කැබ් රථයකට යටවීමෙන් අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

මෙම අනතුර ඊයේ(07) සිදුව ඇත.

රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා පොලිස් යතුරුපැදියේ නැගී රාජකාරි කටයුත්තක් සදහා ගමන් කිරීමේදී යතුරුපැදිය යටකරමින් කැබ් රථය ගමන්කර තිබේ. කැබ් රථය නතර වී ඇත්තේ යතුරු පැදිය කැබ් රථයේ යට කොටසේ ඇමිණී මද දුරක් ඉදිරියට ඇදී යාමෙන් අනතුරුවය.

කැබ් රථයේ සවිකර තිබුණු කැමරාවක මෙම අනතුර සිදුවන අයුරු සටහන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් වාරිමාාර්ග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුු අම්මාර පැත්තේ සේවයේ නිරතව සිටින අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here