තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    ආනයන සීමා පනවා ඇති භාණ්ඩවලට එම සීමා ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගෑඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බව හෙතෙම කියයි.

    එසේම අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද , එය තාවකාලික තත්ත්වයක් බවද අමාත්‍යවරයා පැවසීය.

    අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම්වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img