තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දින 10ක් වයසැති දරුවා දුම්රිය වැසිකිළියේ දමා ගිය අම්මයි තාත්තයි අත්අඩංගුවට

    දින 10ක් වයසැති දරුවා දුම්රිය වැසිකිළියේ දමා ගිය අම්මයි තාත්තයි අත්අඩංගුවට

    මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රිය වැසිකිළියේ ප්ලාස්ටික් කූඩයක තබා ගොස් තිබූ බිළිදියගේ මව සහ පියා අද පෙරවරුවේ බණ්ඩාරවෙලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    දින 10ක් වයසැති බිළිඳියගේ මව ඇයගේ බණ්ඩාරවෙල පිහිටි නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර පියා ද කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    එම දුම්රියේ ගමන් ගත් මගීන්ට පෙරේදා දින මෙම බිළිඳිය හමුවීමෙන් පසු ඔවුන් විසින් මෙම බිලින්දා දුම්රිය ආරක්ෂක අංශය වෙත භාරදී තිබුණි.

    මේ බව සමාජ ජාල සහ මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමේදී එම පුවත දුටු පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකු පොලිසිය වෙත ඇමතුමක් දී පවසා ඇත්තේ මෙම දරුවා හැඳ සිටින ඇඳුම තමා විසින් තෑගි කළ එකක් බවත් බිළිඳියගේ මාපියන්ගේ විස්තර තමා සතුව පවතින බවත්ය.

    බිළිඳිය සහ මාපියන් මෙම පුද්ගලයාට අයත් නිවසක කුලී පදනම මත නවාතැන්ගෙන සිටි බවද එම පුද්ගලයා පොලීසියට පවසා තිබේ.

    ඒ අනුව එම පුද්ගලයා පොලිසියට ලබා දුන් තොරතුරු අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය , විශේෂ විමර්ශන අංශය බිළිඳියගේ මාපියන් සොයා විමර්ශන ඇරඹීය.

    බිළිදියගේ මව බණ්ඩාරවෙල සහ පියා කොස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

    ඒ අනුව විමර්ශන නිලධාරීන් බිළිඳියගේ මව පදිංචි බණ්ඩාරවෙල නිවසට යන අවස්ථාවේදී එහි සිටියදී ඔවුන් දෙපළ සොයාගෙන තිබේ.

    විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී මව විස්තර සියල්ල හෙලිකර ඇත.

    බිළිඳියගේ මව ස්පා ආයතනයක රැකියාව කරන්නියකි.

    ඒ අතරතුර බිලිඳියගේ පියා සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මත පසුව මෙම දරුවා ලැබී ඇත.

    දරුවා ලැබෙන්නට ආ බැවින් මොවුන් දෙපළ පිළියන්දල නිවසක් කුලියට ගෙන එහි නැවතී සිට ඇත.

    විවාහ වී නොමැති බැවින් දරුවා ලැබුණු පසු දරුවා දමා යාමට් කතිකා කරගත් මොවුන් දෙපළ දරුවා වැසිකිළියේ තබා බණ්ඩාරවෙල වෙත දුම්රියෙන් ගිය බව විමර්ශන නිලධාරීන්ට හෙලිකර තිබේ.

    මේ වනවිට විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් බණ්ඩාරවෙල පොලීසියට රැගෙන ගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මකයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img