මුල් පිටුව උණුසුම් පුවත් පුංචි ඡන්දය ඉක්මන් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

පුංචි ඡන්දය ඉක්මන් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

0

රටේත් රාජ්‍යතන්ත්‍රයේත් නිරවුල් පැවැත්ම සඳහා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන ලෙස බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

ඡන්දය නොපැවැත්වීම නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී වන අතර මුදල් නොමැති කම නිසා මැතිවරණය නොපවත්වන බවට රජය කරන තර්කය පිළිගත නොහැකි බව ද එම ලිපියේ සඳහන් වේ.

රාජ්‍ය උත්සව නවත්වා සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නතර කර අමාත්‍යාංශ වල අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කර මැතිවරණයට අවශ්‍ය වියදම් සපයා ගත හැකි බව එහි සඳහන් වේ.

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි සහ දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අත්සනින් යුතුව එම ලිපිය නිකුත් කර තිබේ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version