මුල් පිටුව උණුසුම් පුවත් සුඩානයේ ආහාර අර්බුදය උග්‍රවෙයි

සුඩානයේ ආහාර අර්බුදය උග්‍රවෙයි

0

අඛණ්ඩ ගැටුම් හේතුවෙන් සුඩානයේ දැඩි මානුෂීය අර්බුදයක් ඉස්මතු ව තිබේ. ඉන් ආහාර අර්බුදය ඉතා බරපතල තත්ත්වයට පත් ව ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරි Rein Paulsen මහතා පැවසුවේ, සුඩාන ජනගහණයෙන් 40% ක් පමණ වන මිලියන 18 ක ජනතාව ආහාර නොමැතිකමින් පීඩාවට පත් ව සිටින බවයි. හදිසි මැදිහත්වීමක් නොකළහොත් මහා පරිමාණ කුසගින්න රට පුරා පැතිරෙනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

සුඩාන ජාතිකයන් මිලියන 10 කට වැඩි පිරිසකට සහනාධාර සැපයීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2024 වසරේ ඉලක්කයක් බවට පත්ව ඇත. ඒ වෙනුවෙන් එම සංවිධානය දරන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 104 කි. මේ වනවිට ඉන් 10% ක පමණ මුදලක් සම්පාදනය කරගෙන ඇති බව ද Rein Paulsen මහතා සඳහන් කළේය.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version