Home උණුසුම් පුවත් සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාරයට පැන ලැප්ටොප් ඉස්සූ සිසුන් දෙදෙනා අත්අඩංගුවට

සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාරයට පැන ලැප්ටොප් ඉස්සූ සිසුන් දෙදෙනා අත්අඩංගුවට

0
සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාරයට පැන ලැප්ටොප් ඉස්සූ සිසුන් දෙදෙනා අත්අඩංගුවට

වවුනියාව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් නේවාසිකව සිටින නිවසක වහලයේ උළු ගලවා ඇතුළු වී එම සිසුවියන්ගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 05ක් සොරාගත් පාසල් සිසුන් දෙදෙනෙකුව පුවරසන්කුලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් දෙදෙනා වවුනියාව ශිවපුරම් හී අම්මාන් කෝවිල පාරේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි. තවමත් පාසල් යන මෙම සිසුන් දෙදෙනා අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන්නන්ය.

මෙම සිසුන්ව අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාසභාරයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here