Home උණුසුම් පුවත් පොලිස් ගරාජයේ ලොකු වංචාවක් අතටම අල්ලයි

පොලිස් ගරාජයේ ලොකු වංචාවක් අතටම අල්ලයි

0
පොලිස් ගරාජයේ ලොකු වංචාවක් අතටම අල්ලයි

නාරාහේන්පිට පිහිටි පොලිස් ගරාජයේ ඇති වාහන අමතර කොටස් හොර රහසේ පන්නා අලෙවි කිරීමේ මහා පරිමාණයේ ජාවාරමක් නාරාහේන්පිට පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

පොලිස් ගරාජයේ දූෂිතයින්ගේද සහය ඇතිව සංවිධානාත්මකව කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුව ඇති බව විමර්ශනවලින්
හෙළිවී ඇත.

බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව නාරාහේන්පිට පොලිස් කණ්ඩායමක් ඊයේ ගරාජයේ දාබරේ මාවත පැත්තේ පිහිටි ගේට්ටුව අසල රැක සිට වාහන අමතර කොටස් පන්නමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු බොහෝ තොරතුරු හෙළිවී තිබේ.

යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනාව පරීක්ෂා කිරීමේදී ඔවුන් පෙට්ටියක රැගෙන යමින් තිබුණු ජපානයේ නිෂ්පාදිත ජිප් රථවලට භාවිතා කරන රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ක්ලච් ප්ලේට් 03ක් තිබී හමුවී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා හබරාදූව සහ පෝද්දල පදිංචිකරුවන්ය. හබරාදූවේ පදිංචිකරු දුලාජ් සමීර නැමැති 32 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු උද්‍යාන අලංකරණ කටයුතුවල නිරතව සිටින්නෙක් බව පැවසේ. පෝද්දල පදිංචිකරු ඩී.එම්. වීරවර්ධන නැමැති 44 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙම සැකකරුවන් දෙදෙනාගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී නාරාහේන්පිට පොලිස් ගරාජයේ සේවයේ නිරතව සිටින ඩයස් නැමැති නිලධාරියෙකු විසින් මෙම වාහන අමතර කොටස් පැන්නීමට සම්බන්ධ බව හෙළිවී තිබේ. එම නිලධාරියා විසින් මෙම සැකකරුවන්ට දිගින් දිගටම වාහන අමතර කොටස් පන්නා ලබාදී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. වාහන බැටරි පවා මෙසේ ගරාජයෙන් පන්නා ඇති බවත් ඒ සෑම වාහන අමතර කොටසක්ම අලුත්ම ඒවා බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here