Home උණුසුම් පුවත් ඉන්ධන කෝටාව අලුත් වන දවස වෙනස් වෙයි

ඉන්ධන කෝටාව අලුත් වන දවස වෙනස් වෙයි

ඉන්ධන කෝටාව අලුත් වන දවස වෙනස් වෙයි

ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව සතිපතා අලුත් වන දිනය අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියකම සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව අද උදෑසන සිට සියලුම ගිණුම් අලුත් කර ඇත.

සති අන්තයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම ක්‍රියාත්මක වීමේ දී බෙදාහැරීමේ පිරිවැය අඩු කිරීමට මෙම තීරණය ගෙන ති‌බේ.

ඉන්ධන කෝටාව තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති බව ද අමාත්‍යවරයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here