Home උණුසුම් පුවත් රට ඉඳි බද්දක් රුපියලට බහී

රට ඉඳි බද්දක් රුපියලට බහී

රට ඉඳි බද්දක් රුපියලට බහී

ආනයනික රටඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කෙරේ.

ඒ අනුව රටඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 200ක් ලෙස පනවා තිබු එම බදු මුදල රුපියල දක්වා අඩුකර තිබේ.

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සහන පියවරක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදේශ විනිමය වැය කිරීමක් සිදුනොවන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත විවිධ රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා සුභ පතන්නන් වෙතින් ත්‍යාග හෝ පරිත්‍යාග වශයෙන් මෙරටට ලැබෙන රටඉඳි සඳහා පමණි.

අංක 2308/17 දරන ගැසට් නිවේදනයට අනුකූලව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here