මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් හරක්කටා සහ පානදුරේ කුඩු සලිදු පමණක් මෙරටට භාරදීමට එරට බලධාරීන් කැමැත්ත පළ කර තිබේ.
ඔවුන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු අපරාධකරුවන්ට එරෙහිව මෙතෙක් නිසි පරිදි ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොමැති බැවින් ඒ අයව මෙරටට භාරදීමට නොහැකි බව දැනටමත් මෙරට මෙරටට දැනුම් දී ඇත. ඒ අනුව හරක් කටා සහ කුඩු සලිදුව මෙරටට රැගෙන ඒම සඳහා සිව් දෙනකුගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරයට යාමට මේ වන විට සූදානමින් සිටී.
මෙම පොලිස් කණ්ඩායම ඊයේ රාත්‍රී කාලයේ මැඩගස්කරයේ බලා යාමට සූදානම්ව සිටියත් මුදල් ගැටලුවක් මතුවී ඇති බැවින් එම ගමන ප්‍රමාද වී ඇති බව අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට මුල් වී ඇත්තේ මෙම අපරාධකරුවන් දෙදෙනාව මෙරටට රැගෙන ඒමට වැය වෙතැයි ගණන් බැලූ මුදල ඉහළ ගොස් ඇති බැවිනි.
ඒ අනුව මුලින්ම මෙරටට රැගෙන එන්නේ හරක් කටාවද කුඩු සලිදු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට සිදුව තිබෙන බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට මුල් වී ඇත්තේ මගී ගුවන් යානාවකින් එක අපරාධකරුවෙක් පමණක් ගෙන ඒමට අදාල ගුවන් සමාගම කොන්දේසියක් පනවා තිබීම නිසාය.
එම ගුවන් සමාගම තවත් කොන්දේසියක් පනවා ඇත්තේ අපරාධකරුවන් රැගෙන එන විට එක් අපරාධකරුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් තුන් දෙනෙක්වත් සිටිය යුතු බවයි. ඒ අනුව හරක් කටා සහ කුඩු සලිදු මෙරටට රැගෙන ඒමට පොලිස් නිලධාරින් හය දෙනෙක් යෙදවිය යුතුය.
එහෙත් මේ වන විට සැලසුම් කර මුදල් වෙන් කර ගෙන ඇත්තේ නිලධාරීන් සිව් දෙනෙක් වෙනුවෙන් බැවින් අමතර නිලධාරීන් දෙදෙනෙක් වෙනුවෙන් මුදල් අවශ්‍යතාවක් පැන නැගී තිබේ.
එම මුදල් ප්‍රතිපාදන ලැබුණු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැඩගස්කරය බලා යනු ඇත.


