Home ක්‍රීඩා ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැති 93වැනි සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය මෙවර ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී මාර්තු 4-5 දෙදින පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ආනන්ද පිළ පළමුව පන්දු රැකීම තෝරාගත්තේය.

ඒ අනුව පිටියට පිවිසි නාලන්දා කණ්ඩායම පන්දුවාර 61කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 280ක් ලබා ගෙන ප්‍රතිවාදී ආනන්ද පිළට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 235ක් රැස් කළේය. ආනන්දය වෙනුවෙන් අනගි මෙහෙවරක නිරත වූ කිත්ම සිත්මල් පන්දු එකසිය අසූ හතරක දී ලකුණු 90ක් ලබාගෙන සිටියදි ජනුල ඉඳුවර යවන ලද පන්දුවකට සෙනේෂ් විජේසිංහ අතට උඩ පන්දුවක් දි දැවි ගියේය.

නාලන්දා විද්‍යාලය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 25කට මුහුණ දී කඩුලු 5ක් දැවි ලකුණු 121ක් ලබා නැවත පන්දුවට පහරදීමේ අවස්ථාව ආනන්ද විද්‍යාලයට පිරිනැමූ අතර තරගය නිමාවට පත්වනවිට ආනන්ද විද්‍යාලය පන්දුවාර 9ක් තුළ කඩුලු 2ක් දැවි ලකුණු 22ක් ලබා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here