Home උණුසුම් පුවත් වසාදැමුණු 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් ඇරේ

වසාදැමුණු 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් ඇරේ

වසාදැමුණු 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් ඇරේ

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඊයේ සිට වසාදැමුණු මහනුවර-මහියංගනය 18 වංගුව මාර්ගය මේ වන විට මාර්ගයේ එක් මං තීරුවක් ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මාර්ගයේ එම කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

අදාළ ප්‍රදේශය පරීක්ෂා කර කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කර මාර්ගය කඩිනමින් ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට අද (03/05) උදෑසන සිට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

මාර්ගයේ අවහිරව ඇති අනෙකුත් කොටසද කඩිනමින් පිළිසකර කර සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු කිරීමට හැකිවන පරිදි විවෘත කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here