Home උණුසුම් පුවත් ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

0
ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන 93 වන සුලෝහිත සංග්‍රාමය මේ වන විට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට නාලන්දා විද්‍යාලට ආරාධනා කරනු ලැබීය.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතරකරන අවස්ථාව වන විට නාලන්දා විද්‍යාලය කඩුලු තුනක් දැවී ලකුණු 143ක් රැස්කරගෙන සිටියේය.

මේ දක්වා සුලෝහිත සංග්‍රාමයේ තරග 73ක්ම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ආනන්ද විද්‍යාලය තරග 12ක් සහ නාලන්දා විද්‍යාලය තරග 07ක් ජයගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here