Home උණුසුම් පුවත් පොහොට්ටුවේ සභාපති පුටුවෙන් ජී.එල්. ඉවතට

පොහොට්ටුවේ සභාපති පුටුවෙන් ජී.එල්. ඉවතට

පොහොට්ටුවේ සභාපති පුටුවෙන් ජී.එල්. ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කරයි.

ඒ පසුගියදා රැස්වූ එම පක්ෂයේ විධායක සභාවේදී ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස ජී.එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවු බව ය.

පක්ෂයේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා මේ වනවිට සුදුසු නම් සලකාබලමින් සිටින බව හෙතෙම කියයි.

ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත ය.

1 COMMENT

  1. ලොරියේ ලියාපදිංචි අයිතිකරු,,, අවසානවරට.. 🙄ලොරිය දුම් පරීක්ෂණය සඳහා පදවන ලද රියදුරු,,, 👁ඩීසල් ලබාගන්න ලද ස්ථාන ආදිය පිළිබඳව අවධානය යොමුකර,,, 👍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here