Home උණුසුම් පුවත් ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙනා බීඩි කිලෝ 1111ක් කල්පිටියෙන් අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙනා බීඩි කිලෝ 1111ක් කල්පිටියෙන් අල්ලයි

0
ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙනා බීඩි කිලෝ 1111ක් කල්පිටියෙන් අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොල කිලෝ 1111කට අධික ප්‍රමාණයක් සමඟ ලොරි රථයක් කල්පිටිය පොලීසිය සිය භාරයට ගෙන ඇත.

මෙම ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ කල්කුඩාව ප්‍රදේශයේදී බව කල්පිටිය පොලීසිය කියයි.

කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම ලොරි රථය පරීක්ෂා කළ බවත් එහි තිබී මෙම බීඩි කොල තොගය හමුවූ බවත් පොලීසියය කියයි. කිලෝ 1111යි ග්‍රෑම් 870ක් එහි තිබුණු බව පොලීසිය සඳහන් කළේය.

මෙම ලොරි රථය මාර්ගයේ නතරකර තිබුණු බවත් සැකකරුවන් කිසිවෙකුත් එහි නොසිටි බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here