Home උණුසුම් පුවත් ණය‍ දෙන මුවාවෙන් සමෘද්ධි බැංකුවේ කෝටි 9ක් පිල්ලි ගැසූ හතරදෙනෙක් කොටු

ණය‍ දෙන මුවාවෙන් සමෘද්ධි බැංකුවේ කෝටි 9ක් පිල්ලි ගැසූ හතරදෙනෙක් කොටු

0
ණය‍ දෙන මුවාවෙන් සමෘද්ධි බැංකුවේ කෝටි 9ක් පිල්ලි ගැසූ හතරදෙනෙක් කොටු

තැන්පත්කරුවන්ට ණය ලබාදෙන ආකාරයට ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් කෝටි 09කට අධික මුදලක් වංචා කළ හොරෝම්බාව සමෘද්ධි බැංකුවේ වැඩතහනමට ලක්ව සිටින කළමනාකාරු ඇතුළු සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ආනන්ද මාවතේ පදිංචිකරුවෙන් වන සමෘද්ධි බැංකුවේ හිටපු කළමනාකාරු සුමනසේන මුතුකොඩි (56), කිරිමැටියාව, මැදැල්පොල පදිංචිකරියක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය වන ලක්ෂ්මී සුබසිංහ (48), කිරිමැටියාව මැදැල්පොල පදිංචිකරුවෙක් වන ව්‍යාපාරික කුසිත කුමාර (48) සහ හොරොම්බාව හිඳගොල්ලේ පදිංචිව සිටින වෙළෙන්දෙක් වන ඕ.එම්. මහාරුෆ් (54) යන සිව් දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සිව් දෙනා විසින් කර ඇති මුළු වංචාවේ ප්‍රමාණය රුපියල් නවකෝටි විසිපන්ලක්ෂයක් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (03)ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් සඳහන් කරනු ලැබුවේ මෙම සැකකරුවන් සිව් දෙනා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here