Home උණුසුම් පුවත් බිත්තර බද්ද අඩුකිරීම අදාළ රජයට විතරයි

බිත්තර බද්ද අඩුකිරීම අදාළ රජයට විතරයි

බිත්තර බද්ද අඩුකිරීම අදාළ රජයට විතරයි

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බද්ද පසුගියදා අඩු කළද, එය අදාල වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ බිත්තර ආනයනය කිරීමට හේතුවූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවයි.

බිත්තර හිඟය ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බද්ධ අඩුකළද, එය අඩුකිරීම අදාල වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක්ම බවද අමාත්‍යවරයා පැවසීය.

එසේ ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත්, ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලදී පැවති ක්‍රීඩා වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here