ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකු නම් කරමින් ඔවුන්ගේ විරෝධතාවට සහභාගි වන සියල්ලන්ටම අදාළ වන පරිදි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ.
ඒ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් චත්‍රරස්‍රය හා ඒ අවට රෝහල්වල රෝගීන්ට අවහිර වන පරිදි පෙළපාලි, විරෝධතා පැවැත්වීම තහනම් කරමිනි.
එම තහනමට ලක්වන අවට මාර්ග ද ආඥාව මගින් ප්‍රකාශයට පත්කර ඇත.
එම විරෝධතාකරුවන් පාගමනින් මේ වනවිට රෝහල් චත්‍රරස්‍රය අසලට ගොස් සිටිති.