Home උණුසුම් පුවත් ආණ්ඩුවේ ඉඩමක් සුද්දෙකුට බදුදී වංචා කළ පොහොට්ටු මන්ත්‍රී කොටු

ආණ්ඩුවේ ඉඩමක් සුද්දෙකුට බදුදී වංචා කළ පොහොට්ටු මන්ත්‍රී කොටු

0
ආණ්ඩුවේ ඉඩමක් සුද්දෙකුට බදුදී  වංචා කළ පොහොට්ටු මන්ත්‍රී කොටු

රජයට අයත් අක්කර 200ක ඉඩමක් නීති විරෝධි ලෙස විදේශිකයෙකුට බදු දී රුපියල් මිලියන 24ක මූල්‍ය වංචාවක් සිදුකල බව කියන ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන අනිල් මුණසිංහ (49) මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ටුකච්චිය , ගල්කුලමේ පදිංචිකරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා මෙසේ වංචාකර ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්පාලුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඉඩමක් බදු දෙමිනි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here