Home උණුසුම් පුවත් කළුතර දිසාපතිගේ නිවසට හොරු පනී

කළුතර දිසාපතිගේ නිවසට හොරු පනී

0
කළුතර දිසාපතිගේ නිවසට හොරු පනී

කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පදිංචිව සිටින හෝකන්දර පිහිටි නිවසට හොරු පැන ඇත.

අතුරුගිරිය පොලීසිය පවසන්නේ මෙම සොරකම පසුගිය 22 වෙනිදා දහවල් 12.00ත් 23 වෙනිදා උදෑසන 8.00ත් අතර කාලය තුළ හොරුන් නිවසට පැන ඇති බවය.

සොරුන්ගේ ග්‍රහනයට ලක්ව ඇත්තේ නිවසේ ගබඩා කාමරයයි. ගබඩාකාමරය පිහිටා තිබී ඇත්තේ නිවසටම යාබදව බවත් එහි ඉබියතුරු කඩා ඊට ඇතුළු වී ඇති සොරා රැගෙන ගොස් ඇත්තේ එහි තිබුණු රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා භාණ්ඩ රැසක් බව පොලීසිය කියයි.

ඒ අතර යන්ත්‍ර සූත්‍ර කිහිපයක් මෙන්ම උදළු සහ සවල් ද තිබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here