Home දේශීය පුවත් ඉසුරුපායට කඩා වැදුණු වසන්ත මුදලිගේ ඇතුළු 57ක් අත්අඩංගුවට

ඉසුරුපායට කඩා වැදුණු වසන්ත මුදලිගේ ඇතුළු 57ක් අත්අඩංගුවට

0
ඉසුරුපායට කඩා වැදුණු වසන්ත මුදලිගේ ඇතුළු  57ක් අත්අඩංගුවට

බත්තරමුල්ල ඉසුරුපය අධ්‍යාපන අමාත්‍යාංශ පරීශ්‍රයට අද (23) බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙක් තලංගම පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ඒ අය අතර භික්ෂු ශිෂ්‍යයින් 48 දෙනෙක් ද සිටිති.

පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා විවෘතකරන ලෙස හා අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස බල කරමින් පැවති විරෝධතාවයක් අතර තුර මෙසේ වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අධ්‍යාපන අමාත්‍යාංශ පරීශ්‍රයට ඇතුළු වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරපස ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වූ එම පිරිස අධ්‍යාපන ඇමැතිවරයාගේ නිලකාමරය පිහිටි තෙවන මහළට කඩාවැදුනු ඔවුන් කලහාකාරී ලෙස හැසුරුණු බැවින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here