Home උණුසුම් පුවත් වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය සේවකයන්ගේ දීමනාවලින් 15%ක් කපයි

වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය සේවකයන්ගේ දීමනාවලින් 15%ක් කපයි

වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය සේවකයන්ගේ දීමනාවලින් 15%ක් කපයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙක් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා 15% කින් කපා හැර තිබේ.

රාජ්‍ය වියදම් කළමනාකරණය සහ පාලනය කිරීම යටතේ අතිකාල සහ අමතර දීමනා 15%කින් කපා හරින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතරව රෝහල් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්යාල ඉරිදා දිනවල වසා තබන ලෙසත් ආරක්ෂක, පිරිසිදු කිරීම් සඳහා යන වියදම සියයට 10කින් අඩු කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මසකට ලබා දෙන නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින 5කට සීමා කළ යුතු බවද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here