තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන වාරයේ සිට පාසල් අධ්‍යාපනය අලුත් වෙයි

    ලබන වාරයේ සිට පාසල් අධ්‍යාපනය අලුත් වෙයි

    ලබන වාරයේ සිට පාසල් පද්ධතියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව ජාතික අධ්‍යාපන ආයනතය පවසයි.

    එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ, නියමු ව්‍යාපෘතිය පාසල් 160ක ක්‍රියාත්මක කරන බවයි.

    මේ යටතේ පාසල් විෂය නිර්දේශය ඉගැන්වීමේ ක්‍රම හා විභාග ක්‍රමයේ පැහැදිලි වෙනස්කම් රැසක් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

    ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේ, 21 වැනි සියවසේ වැඩ ලෝකයට ගැලපෙන දරුවෙකු නිර්මාණය කිරීම නව ප්‍රතිසංස්කරණවල අරමුණ බවයි.

    නව ප්‍රතිසංස්කරණ යටතේ විභාග ක්‍රමයෙන් පමණක් දරුවාගේ දැනුම මැනීමේ ක්‍රමය වෙනස් කරන බව ද ඔහු සඳහන් කළා.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රායෝගික දරුවෙකු නිර්මාණය නොවන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img