මුල් පිටුව උණුසුම් පුවත් හග්ගල දී තෙල් බවුසරයක් බෑවුමකට පෙරළෙයි

හග්ගල දී තෙල් බවුසරයක් බෑවුමකට පෙරළෙයි

0

නුවරඑළිය – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල බෑවුම ආසන්නයේදී ඉන්ධන බවුසරයක් බෑවුමකට පෙරලී අනතුරකට ලක්වීමෙන් දෙකඩ වී ගොස් තිබේ.

බවුසර් රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුවී ඇති අතර ඔවුන් රෝහල්ගත් කර ඇත.

අද (19) මෙම අනතුර සිදුවී ඇත්තේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකට ය.

හග්ගල උද්භිද උද්‍යානය අසල අනතුරු බහුල බව කියන වංගුව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයක නොපෙනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අනුමාන කෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version