මුල් පිටුව උණුසුම් පුවත් දකුණට වයඹට නව ආණ්ඩුකාරවරු

දකුණට වයඹට නව ආණ්ඩුකාරවරු

0

මැයි 03 වැනිදා සිට දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන් පත්වීමට නියමිතව ඇත.

මැයි 02 වැනිදා සිට තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් විශ්‍රාම යන බව විලී ගමගේ මහතා පැවසීය.

ඒ අනුව හිස්වන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිතය. ඔහු එම ධුරයේ මැයි 03 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණට පත්ව යාමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් පත්කිරීමට යන බවට දැනට ප්‍රචාරයක් පවතියි.

ජනාධිපතිවරයා මෙම පත්වීම් ලබන 02 වැනිදා වනවිට ප්‍රකාශයට පත්කරනු ඇත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version