මුල් පිටුව උණුසුම් පුවත් චීනයේ සහතිකය නැතත් ණය අනුමත කරන්න IMF සූදානමක

චීනයේ සහතිකය නැතත් ණය අනුමත කරන්න IMF සූදානමක

0

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාවට සිය ඇපකරය අනුමත කිරීමට සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවට බ්ලූම්බර්ග් ජාත්‍යන්තර පුවත් සේවය අනාවරණය කර ඇත.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියෙකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තියක් යටතේ මෙලෙස ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීමට සලකා බැලිමේ හැකියාවක් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.

කිසියම් පාර්ශ්වයක් විසින් නිල වශයෙන් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතිකය ලබානොදෙන අවස්ථාවකදී වුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ඇපකරය අනුමත කිරීමේ හැකියාව එය සතුය.

ශ්‍රී ලංකාවට දැනට මෙම ණය ඇපකරය ලබාගැනීමට නොහැකිව සපුරාලිය යුතු එකම පූර්ව අවශ්‍යතාව චීනයේ සහතිකය බව මෙම වාර්තාව මගින් පෙනී යන්නකි.

මෙම ප්‍රතිපාදනය මගින් දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට, ණයහිමියා විසින් ආධාර ලබාගැනීම අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කරයි.

ඒ අනුව එවැනි අවස්ථාවකදී වුවද ණය කොන්දේසි සපුරාලීමට රටකට ඇති කැපවීම පෙන්නුම් කළ හැකි අවස්ථාවක් මෙමගින් හිමිවේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මීට පෙර ප්‍රකාශයක් කර තිබුණේ ශ්‍රී ලංකාව විසින් මෙම ණය ඇපකරය ලබාගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සපුරා ඇති බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් මෙරටට අවස්ථා කිහිපයකදී ලබාදීමට නියමිත ණය ඇපකරය අමෙරිකානු ඩොලර් බිලියන 2.9කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version